පාඩම් මාලාවන්


ආදරණීය දුවලා පුතාලා වෙතටයි,

රටම මහත්වූ ව්‍යසනයකට මුහුණ පා සිටින මේ මොහොත වන විට ඔබට නිවසින් පිටතට යන්නට නො හැකි වූවත්  ආරක්ෂා සහිතව නිරෝගී ව සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. නැවත පාසල් වාරය ආරම්භ වන දිනය අප්‍රෙල් මස 20 වන දිනය බැවින් එතෙක් අධ්‍යාපනයෙන් බැහැරව සිටින්නට ඔබට නොහැකිය. පළමු පාසල් වාරයේ අධ්‍යයන කටයුතු නිසියාකාරව අවසන් කර අගැයීම්  කරන්නට සියල්ල සූදානම්ව සිටින මොහොතේ දී ක්ෂණිකව පාසල වසන්නට සිදුවිය.

එසේ වුවත්  අධ්‍යයන කටයුතු සඳහා නැවත පාසල විවෘත වන තුරු ඔබට අධ්‍යාපනයෙන් බැහැර විය නො හැක. ඔබ මේ දිනවල අධ්‍යාපනයෙන් බැහැරව සිටියොත් නැවත පාසලට එන විට ඔබ දැඩි අසීරුවකට පත්වනු නොඅනුමානය. එනිසා කරන්නට ඇති වැඩ කොටසමග හැරිය නොහැක .

මෙම නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඔබට මග පෙන්වන්නට අපගේ ගුරු මණ්ඩලය ඇප කැප වී සිටින බව දන්වන අතර මේ සමග ඔබට ඉදිරිපත් කරන පැවරුම් හා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයමින් නිවාඩු කාලය පුයෝජනවත් අන්දමට ගත කරන්නට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. නිවාඩුව අවසන් ව ඔබ නැවත පාසලට එන විට මෙම පැවරුම් හා ප්‍රශ්න පත්‍ර වලට දෙන පිළිතුරු ගුරුවරුන් විසින් ඇගයීමට ලක් කරන බව ද දන්වමි.



හිතවත් දෙමාපියනි,

ඔබගේ ආදරණීය පුතා මෙම කාර්යයේ නිරත වන බවට වග බලා ගැනීම ඔබ විසින් නිරතුරුව සිදු කරන්න.

ස්තූතියි

විදුහල්පතිතුමා