නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2020

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2020

ත්‍රෝබෝල් තරගාවලිය 2019 අනුශූරතාවය



නවතම තොරතුරු

පූජ්‍ය පොහොරබාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ විශ්‍රාම යාම

Admin

ජීවන ගමනේ 60 වසරක් පසු කොට අද දින විදුහල්පති සේවයෙන් විශ්රාම යන පූජ්ය පොහොරබාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට සුව බර විශ්රාම දිවියක් හා දීර්ඝායුෂ ලැබේවායි මාටුවාගල විද්යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය එක සිතින් ප්රාර්ථනා කරමු..





2021 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස්

Admin
2021 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස්

මෙතැනින් බාගත කරගත හැකි‍...

සිංහල-https://moe.gov.lk/web/images/News/2020/grade1_admision2020/2020_ad_s.pdf

දෙමළ-
https://moe.gov.lk/web/images/News/2020/grade1_admision2020/2020_ad_t.pdf

ඉංග්‍රීසි
https://moe.gov.lk/web/images/News/2020/grade1_admision2020/2020_ad_e.pdf


වෙසක් පුර පසළොස්වක පෝය

Admin



බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකය. එසේම බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්උයනේදී අද වැනි දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්ර්තිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති. වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ. බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්රතසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්රබකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්රීි ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව) බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පෝය ශ්රී් ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්රී් ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝුත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය. ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි. බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්රිබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්රඋබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා නේද? නමුත් බුදු හිමියන්ගේ ප්‍රභාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්යදන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්ය න්තර පරිසරයයි. අවුරුදු 2500 කට වැඩි සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්්යා ත්මික පරිසරය සැකසීම හෙවත් ප්රහතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්ර ඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි. ඓතිහාසික සිද්ධීන්ගෙන් ශ්රේවෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්රී තියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි

මෙවර වෙසක් දින තේමාව වනුයේ 
''ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨී පරමං ධනං''


උසස්‌ පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්

Admin



උසස්‌ පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස්‌ පෙළ විෂය ධාරා සංඛ්‍යාව ද මේ වන විට හය දක්‌වා වැඩි වී තිබේ. ඒ.... අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද නිසා ය. උසස්‌ පෙළට පොදු විෂය ධාරාවක්‌ ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්‍රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය. ප්‍රධාන විෂය ධාරා පහේ විෂයයන් විවිධාකාර වශයෙන් සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්‍රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක්‌ වීමට සිසුන්ට සිදු විය හැකිය. උසස්‌ පෙළ විෂය සංයෝජන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති 2009/16 දරන චක්‍රලේඛය පිළිබඳ බොහෝ ගුරුවරුන්ට මෙන්ම පාසල් ප්‍රධානීන්ට පැහැදිළි අවබෝධයක්‌ පවතින්නේ ද යන ගැටලුව පවතී.

අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක්‌ නොව අසාධාරණයට ලක්‌ වීමට ද සිදු වෙයි. අසාධාරණය සිදුවන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී ය. පොදු විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට සාපේක්‍ෂව කලා විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට තෝරා ගැනීමට ඇති පාඨමාලා සංඛ්‍යාව වැඩි ය. එහෙයින් ඒ ඒ විෂයධාරා සඳහා තෝරා ගැනීමේ දී සිසුන් දැඩි ලෙස සැලකිලිමත් වීම අවශ්‍ය ය. මෙම ලිපිය පළ කෙරෙන්නේ උසස්‌ පෙළ සිසුන් රැසකගේ ඉල්ලීමකට අනුව ය.

කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්‌ඩ

(අ) සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්

1. ආර්ථික විද්‍යාව

2. භූගෝල විද්‍යාව

3. ඉතිහාසය ( ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය )

4. ගෘහ ආර්ථික විද්‍යාව

5. දේශපාලන විද්‍යාව

6. තර්ක ශාස්‌ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය

7. ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය

8. කෘෂි විද්‍යාව හෝ ගණිතය

9. තාක්‍ෂණවේදය විෂයයන්ගෙන් එක්‌ විෂයයක්‌ ( සිවිල් තාක්‍ෂණවේදය හෝ යාන්ත්‍රික තාක්‍ෂණවේදය හෝa විදුලි ඉලෙක්‌ට්‍රොනික සහ තොරතුරු තාක්‍ෂණවේදය හෝ ආහාර තාක්‍ෂණවේදය හෝ කෘෂි තාක්‍ෂණවේදය හෝ ජෛව සම්පත් තාක්‍ෂණවේදය

10. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

(ආ) ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්

1. බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය

2. ක්‍රිස්‌තියානි ධර්මය හෝ ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරය

3. හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය

4. ඉස්‌ලාම් හෝ ඉස්‌ලාම් ශිෂ්ටාචාරය

5. ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය

(ඇ) සෞන්දර්ය අධ්‍යයන විෂයයන්

1. චිත්‍ර කලාව

2. නර්තනය (දේශීය හෝ භරත නාට්‍ය)

3. සංගීතය (පෙරදිග සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ බටහිර සංගීතය)

4. නාට්‍ය හා රංග කලාව (සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි)

(ඈ) භාෂා විෂයයන්

1. සිංහල, දෙමළ, ඉංග්‍රීසි

2. අරාබි, පාලි, සංස්‌කෘත

3. චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපන්

මෙම විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් ඉහත සමාජ විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂය කාණ්‌ඩයෙන් අවම වශයෙන් එක්‌ විෂයයක්‌ තෝරා ගත යුතුය. (භාෂා විෂයයන් 2ක්‌ හෝ තුනම තෝරා ගන්නා සිසුන්ට මෙය අදාළ නොවේ.) ශිෂ්‍යයාගේ මනාපය අනුව මේ කාණ්‌ඩයෙන් විෂයයන් 2ක්‌ හෝ තුන ම තෝරා ගත හැකිය.

එමෙන්ම ආගම් හා ශිෂ්ටාචාර විෂයයන් අතරින් යම් ආගමක්‌ තෝරා ගන්නේ නම් ඊට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරා ගත නොහැකිය.

සෞන්දර්ය අධ්‍යයන විෂයයන් අතරින් විෂයයක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකිය.

භාෂා විෂය කාණ්‌ඩයේ භාෂා විෂයයන්ගෙන් එකක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකි වන අතර විෂයයන් තුනම භාෂා විෂයයන්ගෙන් තෝරා ගන්නේ නම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයයන් තුන ම හෝ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, පාලි, සංස්‌කෘත යන විෂයයන්ගෙන් තුනක්‌ තෝරා ගත යුතුය.

තාක්‍ෂණවේදය විෂය ධාරාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ සිසුන් වෙනුවෙන් තාක්‍ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ 2012 වසරේ දී ය. තාක්‍ෂණවේදය හැදෑරීමට අපේක්‍ෂා කරන සිසුන්,

1. ඉංජිනේරු තාක්‍ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්‍ෂණවේදය

2. තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් අනිවාර්යයෙන් තෝරා ගත යුතුය.

තුන් වැනි විෂය ලෙස පහත සඳහන් විෂයයන්ගෙන් එකක්‌ තෝරා ගත යුතුය.

1. ආර්ථික විද්‍යාව

2. භූගෝල විද්‍යාව

3. ගෘහ ආර්ථික විද්‍යාව

4. ඉංග්‍රීසි

5. සන්නිවේදනය මාධ්‍ය අධ්‍යයනය

6. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

7. චිත්‍ර කලාව

8. ව්‍යාපාර අධ්‍යයනය

9. කෘෂි විද්‍යාව

10. ගිණුම්කරණය

ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය හදාරණ සියලුම සිසුන් විභාග දෙපාර්තාම්න්තුව මගින් පත් කරන ප්‍රායෝගික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ ප්‍රායෝගික පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු වන අතර මෙම පරීක්‍ෂණය උසස්‌ පෙළ ලිඛිත විභාගය අවසන් වීමෙන් පසුව පැවැත්වේ. ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා සියයට 25 ක ලකුණු ප්‍රතිශතයක්‌ හිමි වන අතර මෙම වසරේ දී (2015) පමණක්‌ එම ප්‍රතිශතය සියයට 15 දක්‌වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එම තීරණය ගෙන ඇත්තේ තාක්‍ෂණවේදය විෂය ධාරාව හදාරන සියලුම සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ අඩුපාඩුකම් අනුව ය. කෙසේ වුව ද ලබන වසරේ දී දෙවැනි වරට විභාගයට පෙනී සිටින සිසුන්ට ද සියයට 25 ලකුණු ප්‍රතිශතය ක්‍රියාත්මක කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති 2015 චක්‍රලේඛයේ සඳහන් වේ.

වාණිජ්‍ය විෂය ධාරාව

මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය.

1.ගිණුම්කරණය

2. ව්‍යාපාර අධ්‍යයනය

3. ආර්ථික විද්‍යාව

ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය

1. ව්‍යාපාර සංඛ්‍යානය

2. භූගෝල විද්‍යාව

3. දේශපාලන විද්‍යාව

4. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය)

5. තර්ක ශාස්‌ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය

6. ඉංග්‍රීසි

7. ජර්මන්

8. ප්‍රංශ

9. කෘෂි විද්‍යාව

10. සංයුක්‌ත ගණිතය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

විද්‍යා හා ගණිත අංශ යටතේ විෂයයන් තෝරා ගැනීමේ දී ගැටලු උද්ගත නොවේ.

උපුටා ගැනීම - දිවයින
http://www.divaina.com/2015/05/18/gurusitha01.html

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාල පාඩම්

Admin

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාල පාඩම් ලබාගැනීමට පහත ලබාදී ඇති සබැදිය (LINK) භාවිතාකර ප්‍රවේශවන්න



ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක්....

Admin


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම, එයාර්ටෙල් ආයතනය, හච් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකාබෙල් යන දුරකථන සන්නිවේදන ආයතන එක්ව මෙම පියවර ගෙන තිබේ.
දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය. මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක. එක් එක් විෂයයන්  සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත. 

සිංහල හින්දු අලුත් අවුරුද්ද

Admin


සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත.[1] එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.

නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිසෙහි තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පවත්වීමද

සිංහල සහ දමිළ ජනතාව අතර ආහාර වර්ගවල, සිරිත්වල සුලු සුලු වෙනස්කම් තිබුණත් බොහෝ කලක සිට ජාතීන් දෙක එකට අලුත් අවුරුද්ද සමරා තිබේ.

සිංහල හින්දු අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසාන වීමත් නව වසරේ උදා වීමත් අතර පැය කිහිපයක වෙන්ව පැවතීමක් ඇත. (මෙම කාල සීමාවද නක්ෂත්‍රකරුවන් විසින් තීරණය කරනු ලබයි ) මෙම කාල සීමාව නොනගත කාලය හෙවත් උදාසීන කාලය ලෙස හඳුන්වයි. මෙම කාලය තුල සිංහල ජනයා සාම්ප්‍රදයිකව සියලු ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත් වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම සිදුකරති.

සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වීම සිදු වන්නේ අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව නිවස පිරිසිදු කර පොල්තෙල් පහනක් දැල්වීමෙනි.සමහර ගැමි සමාජ වල කාන්තාවන් එක් රැස් වී රබන් වැයීමෙන් නව වසරක් ආරම්භ වූ බව නිවේදනය කරති.නිවෙස්වල පවුලේ සියලු දෙනා එකතු වී අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් වේලාවන්හිදී සිදු කරනු ලබයි. මෙම කටයුතු වලදී නිවසේ ගෘහණියට ප්‍රමුඛත්වය හිමි වන අතර ඇය නව වසරේ පළමු කටයුත්ත ලෙස නිවසේ මුලුතැන්ගෙට ගොස් නැකතට ලිප ගිනි මොළවා කිරි උතුරවා කිරිබතක් පිලියෙල කරයි. මෙම කටයුතු වලදී නිවසේ සියලු දෙනාගේම දායකත්වය ලැබේ.ඇතැම් විට සමහර ප්‍රදේශ වල මෙම චාරිත්‍ර ක්‍රම ඉතා ස්වල්ප වශයෙන් වෙනස් විය හැකි වුවත් සෑම දෙනාම එකලෙස මෙම සංස්කෘතික මංගල්‍යය සමරති.



අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි. විශේෂයෙන්ම කුඩා ළමයි රතිඤ්ඤා දැල්වීමට මහත් අභිරුචියක් දක්වති. ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික උත්සව වලදී රතිඤ්ඤා දල්වීම සෑම ප්‍රදේශයකම පාහේ සිදුවේ.ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය.

දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල් යයි

Admin



දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20 වෙනිදා ඇරඹීමට නියමිතව තිබුණා.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමටරජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී. 
පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය අධ්‍යාපනය කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර ඇත.